Uncategorized

ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට ජනපති හා ඉන්දීය අගමැති එකඟතාවක

 

 

COVID-19 අර්බුදය හමුවේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟතාව පල කර තිබේ.

ඒ, අද පෙරවරුවේ පැවැති දුරකතන සංවාදයකදී ය.

සෑම ආකාරයකම සබඳතා COVID-19 අර්බුදය හමුවේ තවදුරටත් වර්ධනය කර ගැනීමට දෙරටේ නායකයින් එකඟත්වය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ජනාධිපති කාර්යාලයේ සිට ඉන්දීය නායකයා සමග දුරකතනය ඔස්සේ ඇමතූ ජනාධිපතිතුමා අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත විෂයයන් ගැන අදහස් හුවමාරුවට අවස්ථාව ලැබීම පිළිබඳව සතුට පළ කරමින් වත්මන් දුෂ්කර අවධියේ ශ්‍රී ලංකාවට කළ උපකාර සම්බන්ධයෙන් නරේන්ද්‍ර මෝදී මහතාට සහ ඉන්දීය ජනතාවට කෘතඥතාව පළ කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ ඉන්දියාව ප්‍රදානය කළ ටොන් 10ක වෛද්‍යාධාර බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බව ය.

තමා ජනාධිපති රාජපක්ෂ මහතා හඳුනාගෙන ඇත්තේ “නිරවුල් චින්තනයක් සහිත ඉක්මණින් දුෂ්කර තීරණ ගැනීමේ හැකියාව ඇති නායකයකු” ලෙස බව මෝදී මහතා මෙහිදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

තොරතුරු අනුව ශ්‍රී ලංකාව වසංගතය හොඳින් පාලනය කර ගැනීමට සමත්ව ඇති බවත් එහි ගෞරවය ජනාධිපතිතුමා වෙත හිමිවන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

උණුසුම් පුවත්

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close