Uncategorized

කොළඹ සිරවී සිටි 2000ක් අදත් ගම්බිම් වෙත

COLOMBO (News 1st) : ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සිර වී සිටින දෙදහසකට ආසන්න පිරිසක් අද සිය ගම්බිම් වෙත පිටත් කර හැරීමට නියමිතයි.

පොලීසිය පැවසුවේ, කොළඹ උතුර පොලිස් බල ප්‍රදේශයේ තාවකාලිකව රැඳී සිටි පිරිසක් එලෙස පිටත් කර හරින බවයි.

නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම පදිංචිකරුවන් පිරිසක් අද පෙරවරුවේ මෙලෙස පිටත්කර හැරෙන්නේ සුගතදාස ක්‍රීඩාංගණයට රැස් කිරීමෙන් අනතුරුව බව පොලීසිය සඳහන් කළේ ය.

ලංගම බස්රථ 42 ක් මගින් මෙම පිරිස පිටත් කර හැරෙන අතර, ගම්බිම් වෙත ළඟා වීමෙන් අනතුරුව සෞඛ්‍ය උපදෙස් අනුව ඔවුන් කටයුතු කිරීමට නියමිත බව පොලීසිය පැවසී ය.

මේ වනවිට බස්නාහිර පළාතේ තාවකාලිකව රැඳී සිටි පුද්ගලයින් 16,000 කට අධික පිරිසක් එලෙස සිය ගම්බිම් වෙත පිටත් කර හැර තිබේ.

උණුසුම් පුවත්

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close