Uncategorized

කිරුළපන වැටලීමකදී තියුණු ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට

COLOMBO (News 1st) – කිරුළපන කොළඹගේ මාවත ප්‍රදේශයේ කළ වැටලීමකදී තියුණු ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ , කොළඹ දකුණ කොට්ඨාස දුෂණ මර්දන අංශයට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කළ බවයි.

එහිදී ගිනි අවි සඳහා යොදන සජීවි පතරොම් 20ක්, බයිනෙත්තුවක්, කඩු 02 ක් මෙන්ම තහනම් පිහියක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

25 හැවිරිදි සැකකරු අද, අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ අතර 17 හැවිරිදි දැරියක් බිය ගන්වා දූෂණය කිරිමට අදාළව අවශ්‍ය කර සිටි සැකකරුවෙකු වාද්දුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ , සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සිය භාරයට ගත් බවයි.

තල්පිටිය වාද්දුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇතැයි පොලීසිය සඳහන් කළේය.

උණුසුම් පුවත්

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close